දිවයින පුරා සන්ද්‍යාවේ සපයනු ලබන විදුලි සැපයුම සීමා කරමින් ඉදිරි දින තුන තුළ (19, 20 සහ 21) පැයක කාලසීමාව බැගින් වූ විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අදාළ බලධාරීන් වෙතින් අවසර ඉල්ලා තිබේ.
ජාතික පද්ධති ක්‍රියාකරු විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් සහ බලශක්ති අමාත්‍යාංශයෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලසටහනක්
යෝජිත මෙම සැලසුමට අනුව දිවයින ප්‍රධාන කලාප හතරකට (04) වෙන් කෙරෙන අතර අදාළ දින තුනෙහි පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා වූ කාලසීමාව ඇතුළත එක් එක් කලාපය සඳහා දිනකට පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෑත කාලයේදී විදුලිබල පද්ධතිය තුළ වාර්තා වූ හදිසි බිඳ වැටීම් සහ පද්ධතියේ පවතින අස්ථාවර භාවයන් හමුවේ, එහි සමබරතාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරි විදුලි සැපයුම කාර්යක්ෂමව කළමනාකරණය කර ගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
අනුමැතිය ලැබුණු පසු නිල කාලසටහන එළියට
මෙම විදුලි කප්පාදු යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ විෂයභාර අමාත්‍යාංශයේ නිල අනුමැතිය හිමිවූ වහාම, කලාප මට්ටමින් විදුලිය විසන්ධි වන නිශ්චිත වේලාවන් ඇතුළත් සවිස්තරාත්මක කාලසටහන මහජනතාව වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.