Swipe left or right to navigate stories
ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර ඉදිරියට

ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට තොරතුරු තාක්ෂණ හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර ඉදිරියට

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය පවතින 5% ක මට්ටමේ සිට ඉදිරි වසරවලදී 7% - 8% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි සහ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (1 වැනිදා) එම ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.



ප්‍රාග්ධන වියදම්

ආර්ථික වර්ධනය වේගවත් කිරීම වෙනුවෙන් ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන 2ක් වෙන් කිරීමට රජය අදහස් කරන අතර ඒ හරහා ඇති වන විදේශ විනිමය ඉල්ලුම සපිරවීමට අපනයන අංශය උපරිම දායකත්වයක් ලබා දිය යුතු බව ජනපති පෙන්වා දුන්නේය.

ඒ යටතේ දැනට මෙරට තෙවැනි විශාලතම අපනයන ආදායම් උපයන්නා වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් දක්වාත්, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ආදායම ඩොලර් මිලියන 500 සිට බිලියන 2ක් දක්වාත් ඉහළ නැංවීමේ හැකියාව පවතින බව එහිදී සාකච්ඡා විය.



නව සහන සහ සැලසුම්

ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ 'තථ්‍ය විශේෂ ආර්ථික කලාපයක්' සහ දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා උපකරණ ආනයනයේදී රේගු බාධා ඉවත් කිරීමට 'හරිත මාවතක්' හඳුන්වා දෙන බවය.

එසේම විදේශීය ගෙවීම් සඳහා පවතින බැංකු සීමාවන් ලිහිල් කිරීමට සහ දක්ෂ වෘත්තිකයන් මෙරට රඳවා ගැනීමට විකල්ප දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සලකා බලමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමෙන් පමණක් රටේ අනාගතය සුරක්ෂිත කළ හැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, පවතින අභියෝග සහ ක්ෂේත්‍රයන්හි සංවර්ධන යෝජනා ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබා දෙන ලෙස කර්මාන්තකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem