ආරක්ෂක මාණ්ඩලික ප්රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය.
පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පෙරවරු 11.00 සිට පස්වරු 5.00 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර අනතුරුව එය මෙලෙස සම්මත වී තිබේ.
පනතේ පසුබිම සහ අරමුණ
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පනත ඉවත් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත හඳුන්වා දී ඇත.
එසමයෙහි පැවැති අවශ්යතාවයන්ට අනුකූලව ත්රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්යාංශය අතර කටයුතු සංවිධානය කිරීම ඇතුළු කාර්යයන් ඉටු කිරීම සඳහා 2009 වසරේදී එකී පනත සම්මත කරගෙන තිබුණි.
ආරක්ෂක අමාත්යවරයාගේ උපදෙස් පරිදි සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත මැයි 15 වැනිදා රජයේ ගැසට් පත්රයේ ප්රකාශයට පත් කරන ලද අතර ප්රථම වර කියවීම සඳහා 2025 අගෝස්තු 04 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
පනත සම්මත වීමෙන් සිදුවන වෙනස්කම්
2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්රධානී පනත ඉවත් කිරීමත් සමඟ මෙම පනත් කෙටුම්පත යටතේ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී තනතුර අහෝසි වීමට නියමිතය.
මෙම පනත ක්රියාත්මක වීමත් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්රධානී කාර්යාලයට අයත් සියලුම චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක අමාත්යාංශය වෙත පවරනු ලැබේ.
Comments
Moderated before publishing. Your email stays private.