Swipe left or right to navigate stories
ආබාධයක් නිසා කුසල් මෙන්ඩිස්ට එල්.පී.එල්. තරගාවලිය අහිමි වෙයි

ආබාධයක් නිසා කුසල් මෙන්ඩිස්ට එල්.පී.එල්. තරගාවලිය අහිමි වෙයි

මෙවර (2026) ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වන 'කලම්බෝ කැප්ස්' කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ඇතිවූ කලවා පිටුපස පේශි ආබාධයක් හේතුවෙන් තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

පසුගිය ඉරිදා (19) 'මහනුවර රෝයල්ස්' කණ්ඩායමට එරෙහිව පැවැති තරගය අතරතුරදී කුසල් මෙම ආබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට තරගය අතරමැද පන්දුවට පහර දෙමින් සිටියදී පිටියෙන් ඉවත් වීමටද සිදුවිය.

කලම්බු ඉනිමේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ලකුණු සඳහා දිවයෑමේදී කුසල් ආබාධයට ලක්වූ අතර එම ඕවරයේ අවසන් පන්දුවට යළිත් ලකුණක් සඳහා දිව යෑමෙන් අනතුරුව ඔහු මහත් අසීරු තාවයකින් යුතුව පිටි‍යෙන් ඉවත්ව ගියේය.



කලම්බෝ පිලට විශාල පාඩුවක්

නව මුහුණුවරකින් මෙවර තරග බිමට පිවිසි කලම්බෝ කැප්ස් කණ්ඩායමේ නායකත්වය පමණක් නොව, කඩලු රකින්නාගේ සහ ආරම්භක පිතිකරුවකුගේ භූමිකාවද හොබවනු ලැබුවේ කුසල් මෙන්ඩිස් විසිනි. එබැවින් කුසල්ගේ ඉවත්වීම කලම්බු කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

මූලික වටය තුළ ක්‍රීඩා කළ පළමු තරගයේදීම පන්දු 53 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 79 ක් රැස්කරකළ කුසල්, කලම්බෝ කණ්ඩායමට ප්‍රහාරාත්මක පිතිකරුවෙකු මෙන්ම නායකයා ලෙසද විශාල දායකත්වයක් ලබාදුන්නේය.

නිත්‍ය නායක කුසල්ගේ ඉවත් වීමත් සමග තරගාවලියේ සෙසු තරගවලදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක කමිඳු මෙන්ඩිස්ට පැවරෙනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem