Swipe left or right to navigate stories
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරියි

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල ඇප මත මුදාහරියි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

අද (18) පෙරවරුවේ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.



එල්ලවී ඇති ප්‍රධාන චෝදනා

හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා දෙකක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ.

කුණ්ඩසාල පුරාවිද්‍යා භූමියේ තිබූ බව කියන සඳගල සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනය ඉන් පළමු වැන්න ‍ලෙස සඳහන් කළ හැකිය.

අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් ජාතික රූපවාහිනියට සේවකයින් බඳවා ගැනීම හරහා රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව දෙවැනි චෝදනාව ලෙස සටහන්වේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem