Swipe left or right to navigate stories
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට (27) දින වසා තැබෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් හෙට (27) දින වසා තැබෙයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට (27) දිනයේ රජයේ සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අඛණ්ඩව ඇදහැලෙන අධික වැසි සහ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හමුවේ සිසුන්ගේ මෙන්ම පාසල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.



සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ වෙනසක් නෑ

කෙසේ වෙතත් පාසල් වසා තැබුණද දැනට පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කලින් සැලසුම් කළ පරිදි නියමිත වේලාවන්හිදීම පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.



පළාත් මට්ටමින් තීරණ ගැනීමේ බලයත් පවරයි

පවතින අධික වැසි සහ ගංවතුර තත්ත්වයන් මත පදනම්ව ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගැනීමේ බලය මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් බලධාරීන්ට ලබා දී තිබුණි.

ඒ අනුව යම් ප්‍රදේශයක පවතින ආපදා තත්ත්වය, නායයෑම් අවදානම හෝ මාර්ග අවහිරතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදීද පාසල් පැවැත්වීම හෝ තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසු පියවර ගැනීමට පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පූර්ණ බලතල හිමිවනු ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem