Swipe left or right to navigate stories
අමාත්‍ය විජිත හේරත් CICA හත්වැනි සමුළුව සඳහා අසර්බයිජානය බලා යයි

අමාත්‍ය විජිත හේරත් CICA හත්වැනි සමුළුව සඳහා අසර්බයිජානය බලා යයි

ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) 07 වැනි සමුළුවට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදීමට නියමිතව තිබේ.

අසර්බයිජානයේ බාකු අගනුවරදී හෙට (14) සහ අනිද්දා (15) යන දෙදින තුළ මෙම සමුළුව පැවැත්වේ.



සමුළුවේ තේමාව සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය

“ශක්තිමත් CICA සංවිධානයක් : ආසියාවේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේදී, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට නියමිතය.

ආසියානු කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරමින් රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීම CICA සංවිධානයේ ප්‍රධාන අරමුණ වේ.

මෙවර සමුළුව සඳහා දකුණු ආසියාව, අග්නිදිග ආසියාව, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග කලාප නියෝජනය කරමින් සාමාජික රටවල් 28 ක රාජ්‍ය නායකයන්, රජයේ ප්‍රධානීන් මෙන්ම විදේශ අමාත්‍යවරුන්ද සහභාගි වීමට නියමිතය.



ද්විපාර්ශ්වික සාකච්ඡා

මෙම සංචාරය අතරතුරදී අමාත්‍යවරයා කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව සමුළුවේ සත්කාරක රාජ්‍යය වන අසර්බයිජානයේ නායකයන් මෙන්ම CICA සංවිධානයේ මහ ලේකම්වරයා සමඟද අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem