Swipe left or right to navigate stories
අනුරාධපුර වෛද්‍යවරියගේ නඩුවෙන් හිටපු හමුදා සෙබළාට ලබා දී තිබූ ඇප අවලංගු කරයි

අනුරාධපුර වෛද්‍යවරියගේ නඩුවෙන් හිටපු හමුදා සෙබළාට ලබා දී තිබූ ඇප අවලංගු කරයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිය නිල නිවස තුළදී බරපතළ ලිංගික අපරාධයක් සිදුකිරීමේ චෝදනාවට අදාළව මීට පෙර ඇප මත මුදා හැර සිටි විත්තිකාර හිටපු යුද්ධ හමුදා සෙබළාගේ ඇප අවලංගු කිරීමට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා නියෝග කර තිබේ.

ඇප කොන්දේසි මත මුදා හැර සිටියදීම වෙනත් සමාන අපරාධ චෝදනාවකට ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටීම හේතුවෙන්, ඔහු ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට තීරණය කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.



පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු

මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටි විත්තිකරු යළිත් සමාන වරදක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවය.

ඒ අනුව පෙර ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග මොහොට්ටි මහතා ප්‍රකාශ කළේ තමාට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීමේ යම් සීමාවක් පවතින බවය.

විත්තිකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බැවින්, ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න පිළිබඳව අධිකරණයේ අභිමතය පරිදි සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



විශේෂඥ වෛද්‍යවරියකගෙන් පැයකට අධික සාක්ෂි විභාගයක්

විත්තිකරුගේ ඇප අවලංගු කිරීමේ නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගයද ඉදිරියට පැවැත්විණි.

ඒ අනුව නඩුවේ සිව්වැනි සාක්ෂිකාරිය ලෙස නම් කර සිටි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් සහ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මියගේ මෙහෙයවීම යටතේ පැයකට අධික කාලයක් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නාය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem