Swipe left or right to navigate stories
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දමයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දමයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා රුපියල් 414 ක් ලෙස පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 399 වේ.

එමෙන්ම රුපියල් 495 ක් ලෙස පැවැති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 475 කි.

කෙසේ වුවත් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බවද ඛණිජතෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.



වසරේ ප්‍රධාන මිල ඉහළ දැමීම්

මෙම වසර (2026) ආරම්භයේ සිට මේ දක්වා කිහිප වරක්ම ඉන්ධන මිල ගණන් උච්චාවචනය වී ඇත. මාර්තු මස 9 වැනිදා සිදු වූ ප්‍රධාන මිල ඉහළ දැමීමෙන් පසු, මෙරට පාරිභෝගිකයන්ට සෘජුවම බලපාන පරිදි ඉන්ධන මිල සියල්ලම එකවර විශාල අගයකින් ඉහළ ගියේය.

ඒ හැරුණු කොට අවස්ථා කිහිපයකදී ඉන්දන මිල ඉහළ දැමීම්වලට ලක්වූ අයුරු දැකගත හැකි විය. ඊට මැයි මස 2 වැනිදා ඉන්දන වර්ග 4 ක මිල ඉහළ දැමීමද, මැයි මස 30 වැනිදා සියලුම ඉන්දන වර්ගවල මිල ගණන් ඉහළ දැමීමද ඇතුළත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem