Swipe left or right to navigate stories
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල පහළට

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් සිලින්ඩර මිල පහළට

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සිදුකළ ඉල්ලීම සහ පාරිභෝගික ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සැලකිල්ලට ගනිමින්, අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් පහත දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ් අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745.00 කින්ද, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 322.00 කින්ද පහත දමා තිබේ.
‍

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන නව ගෑස් මිල ගණන්

නව මිල සංශෝධනයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් පහත පරිදි වෙනස් වේ.

  • කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය: රුපියල් 6,740 ක්ව පැවති මිල රුපියල් 745 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 5,995 කි.
  • කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය: රුපියල් 2,720 ක්ව පැවති මිල රුපියල් 322 කින් පහත දමා ඇති අතර එහි
  • නව මිල රුපියල් 2,398 කි.



පසුගියදා ගෑස් මිල ඉහළ දැමීමට හේතුව සමාගම පැහැදිලි කරයි

මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සෞදි ඇරම්කෝ මිල ගණන් සහ නැව් ගාස්තු ඇතුළු ආනයන පිරිවැය ඉහළ ගියද, මාස තුනක කාලයක් පුරා මිල සංශෝධනයක් නොකර එම පිරිවැය වැඩිවීමෙන් සිදුවූ අලාභය සමාගම විසින් දරාගත් බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් එමඟින් සිදුවූ අඛණ්ඩ අලාභය තවදුරටත් දරාගත නොහැකි වූ බැවින් මෑතකදී ගෑස් මිල ඉහළ දැමීමට සිදුවූ බවද සමාගම වැඩිදුරටත් පැහැදිලි කරයි.



ලාෆ් ගෑස් සිලින්ඩර මිල ඉහළ ගිය ආකාරය

ජාත්‍යන්තර වෙළෙඳපොළේ LPG ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව පවසමින් ලාෆ් ගෑස් සමාගම විසින් ඉකුත් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් සංශෝධනය කරනු ලැබීය.

එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කින් ඉහළ දමා තිබූ බැවින් එහි නව මිල රුපියල් 6,740 බවටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කින් ඉහළ දමා තිබූ බැවින් එහි නව මිල රුපියල් 2,720 ක් බවටත් පත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem