ජාත්යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්රී ලංකා නාවික හමුදාව භාරයට ගත් තමිල්නාඩු ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර යාත්රාව නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති සී. ජෝසෆ් විජේ මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්ය එස්. ජයශංකර් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
අගෝස්තු 12 වැනිදා රාත්රී කාලයේදී තලෙයිමන්නාරම උරුමලෙයි තුඩුවට ඔබ්බෙන් වූ ශ්රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය ධීවර යාත්රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු මෙලෙස නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ ධීවර යාත්රාව ජාත්යන්තර මුහුදු සීමාව පසුකර ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී, මුහුදු පතුලට හානි සිදුකරන ක්රමය භාවිතයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
දෙවැනි සිද්ධිය
විදේශ කටයුතු අමාත්යවරයා වෙත යවන ලද ලිපියේ තමිල්නාඩු මහ ඇමති විජේ මහතා සඳහන් කර ඇත්තේ අගෝස්තු මාසයේදී වාර්තා වූ දෙවැනි සිද්ධිය මෙය වන බවයි.
ඉන්දීය ධීවරයින් මෙලෙස වරින් වර අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ධීවර ප්රජාව අතර දැඩි කනස්සල්ලක් සහ අනාරක්ෂිත භාවයක් නිරන්තරයෙන් ගොඩනැගෙන බවද ඔහු පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම ලිපිය යොමුකරන අවස්ථාව වන විටත් ඉන්දීය ධීවරයින් 49 දෙනෙකු ශ්රී ලංකාව භාරයේ පසුවන බවද මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
රාජ්යතාන්ත්රික මැදිහත්වීම
එබැවින් සුදුසු රාජ්යතාන්ත්රික මාර්ග ඔස්සේ ශ්රී ලංකා රජය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්රාව ඉක්මනින් නිදහස් කර ආරක්ෂිතව නැවත ගෙන්වා ගැනීමට පහසුකම් සලසන ලෙසද තමිල්නාඩු මහ ඇමතිවරයා සිය ලිපියෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
Comments
Moderated before publishing. Your email stays private.