නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යංශයේ හිටපු අමාත්යවරයකු වූ පියසේන ගමගේ දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අද (20) පියවර ගෙන ඇත.
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන විමර්ශනයකයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අතුරුව ඇප පිට නිදහස් කෙරිණ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්යවරයා ලෙස සිය බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 ක් දෙනෙකු බඳවා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
විනය නියෝග මත ස්ථාන මාරුවීම් කර තිබූ යාපනය තාක්ෂණ විද්යාලයේ අධ්යක්ෂවරයකුගේ ස්ථාන මාරුවීම අවස්ථා කිහිපයකදී කාර්මික අධ්යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර අවලංගු කරවීමට කටයුතු කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති තවත් චෝදනාවක් වේ.
Comments
Moderated before publishing. Your email stays private.